ආදීවාසීනුත් අපේම අයයි


ආදී වාසින් යනු තව දුරටත් ප්‍රදර්ශනය කළ යුතු  වස්තුවක් නොවේ. මේ රටේ ජීවත්වන ජනතාවගේම කොටසක්, කිසිදු භේදයක් නෑ අපි ඔවුන්ගේ අනන්‍යතාව රැකෙන පරිදි අවශ්‍ය පරිසරයක් සකසා දිය යුතුයි.එය අපේ වගකීමක් ‘ යැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අදට  (09)  යෙදි තිබුණු ලෝක අදී වාසී දිනය සමරමින් අම්පාර දෙහිඅත්තකණ්ඩිය හෙන්නානිගල ආදී වාසි ගම්මානයේදි ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව  කීය.

මෙහිදී  ආදී වාසි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දීම හා ස්වයං රැකියා සදහා උපකරණ ලබා දීමද සිදු කෙරිණි.

ආදී වාසී නායක ඌරු වරිගේ වන්නිලඇත්තන් විසින් රචිත  ‘වන්නිල ඇත්තන්ගේ කලා පොජ්ජෙන්  පැනමක්‘ කෘතිය  හා ආදී වාසි නිල ලාංඡනය  සඳහන් තිළිණයක් ආදීවාසී නායකයා  ජනපතිට පිළිගැන්වීය.