ආදී වේල්ස් කුමර සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය 24 සහ 25 දිනවල


ආදී වේල්ස් කුමරුවන්ගේ ක‍්‍රිකට් පදනම හත්වැනි වරටත් මෙහෙයවන අන්තර් ක‍්‍රීඩා සමාජ සය සාමාජික ක‍්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින මොරටුව වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරයන්ට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන මෙම තරගාවලියේ අනුශූරයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය රුපියල් 50,000 කි. දක්‍ෂතම පිතිකරුවා, දක්‍ෂතම පන්දු යවන්නා, තරගාවලියේ වීරයාට මෙන්ම වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබා ගන්නා පිතිකරුවාට ද මුදලින් ත්‍යාග පිරිනැමේ.