ආණ්ඩුවේ ඉන්න කොටළුවන් හෙට දොට්ට - මාන්නප්පෙරුම


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
‘‘මේ ආණ්ඩුව ඇතුළේ සිංහ හම පොරවගත්තු කොටළුවෝ ටිකක් ඉන්නවා. විශ්වාසභංගය හෙට අපි දිනලා ඒ කොටළුවෝ ටික පන්නනවා. ‘‘ යැයි ගම්පහ දිස්ත්‍රික්  මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවදී අද (3) පැවසීය.

 
මාන්නප්පෙරුම මහතා මේ බව පැවසුවේ විශේෂ වෙළඳ භාණ්ඩ පනත යටතේ නිශ්චයන් පිළිබඳව විවාදයේදීය 
 
අජිත් මාන්නප්පෙරුම මහතා මෙසේද කීය.
 
‘‘ ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංගය  ගෙනල්ලා කළේ හොද දෙයක් . මොකද ඒකෙන් අපිට ආණ්ඩුව ඇතුළේ සිංහ හම පොරවා ගෙන ඉන්න කොටළුවෝ ටික හදුනාගන්න පුළුවන් වුණා. ඒකට ඒ අයට ස්තූති වෙනවා. මේ විශ්වාසභංගය අපිට වෙස් වලාගත් ආශිර්වාදයක් . අපි මේක දිනනවා . දිනන්නේ පොඩි ගාණකින් නොවෙයි. දිනලා පස්සේ ආණ්ඩුවක් හදනවා . හදන අලුත් ආණ්ඩුවේ කොටළුවෝ නැහැ‘‘