ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට


(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

සියලුම පළාත් සභාවල  ජන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය  යුතු බවට සඳහන් කෙරෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත්  පනත් කෙටුම්පත අද(23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

එම සංශෝධනය අනුව සියලුම පළාත් සභාවල මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම එකම දිනයකදි පැවැත්විය යුතුය.

පළාත් සභා විසුරුවන දිනය පාර්ලිමේන්තුව විසින් තිරණය කරන අතර නියමිත දිනට  පෙර ධුර කාලය අවසන් වන පළාත් සභාවල කාලය නිශ්චිත දිනය දක්වා දිර්ඝ වුවහොත් සලකනු ලැබිය යුතු බව එම කෙටුම්පතේ සඳහන්වේ.

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඈ) ව්‍යවස්ථාවට ඉක්බිතිව 154(ඈ ඈ)ව්‍යවස්ථාව ලෙස මෙය ඉදිරිපත් කර ඇත.

2017ජුලී 28 වැනි දින රජංය් ගැසට් පත්‍රයේ  ප්‍රසිද්ධ කරන ලද මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.