ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද


(අකිල බද්දෙවිතාන)

ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය.

රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හා එළැඹෙන සතියේ පාර්ලිමේන්තු සැසි සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අත්සන් කෙරුණු ජාතික ආණ්ඩු ගිවිසුම පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙනුත් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.