ආගමන විගමන නීති කැඩු චීන ජාතිකයන් දෙදෙනෙකු රිමාන්ඩ්



 
(නිමන්ති රණසිංහ)

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැදී සිට උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමින් මෙරට බැංකු ගිණුමක රුපියල් කෝටි 96කට ආසන්න මුදලක් තැන්පත් කළැයි කියන චීන ජාතිකයින් දෙදෙනකු ලබන 23 වැනි දා තෙක් යළි රිමාන්ඩ්  කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.

එලෙස රිමාන්ඩ් ගත කෙරුණේ සූ ඩියෑන් සන්ග් සහ වෙයි බින් ලයි නැමැති චීන ජාතිකයින් දෙදෙනකි.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධ ඇප නියෝගය එදිනට ප‍්‍රකාශයට පත්කරනු ලබන බවද මෙහිදී අධිකරණය සදහන් කළේය.

මොවුන් සන්තකයේ චීන ජාතිකයින් අට දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත‍්‍ර අටක් තිබී පොලිස් බාරයට ගනු ලැබිණි.