ජයන්ත සමරකෝන්
ආගමන විගමන නිලධාරීන්ට මෙතෙක් බලපෑ සේවා ගැටලු කීපයකට විසඳුම් ලබාදීමට අමාත්‍යවරයාගේ එකඟත්වය පළ කිරිම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් තාවකාලිකව ඉවත්වූ බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගල මහතා අද (4) පැවසීය.
වසර දෙකක් තිස්සේ විසඳුම් ඉල්ලා සිටි සේවා ව්‍යවස්ථාවක් සකස් කිරිමටත් අනෙකුත් ගැටලු වලට කැබිනට් පත්‍රිකාවක් සකස් කිරිමටත් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගත් ක්‍රියාමාර්ගය පැසසුමට ලක් කරමින් වර්ජනයකට යාමට ගෙන තිබූ බවද ඒ මහතා කීය.

