අ‘පුර මහ ඇමැති නායකත්වය අපට එපා


උතුරු මැද නව මහා ඇමැති එස්.එම්. රංජිත් මහතාට තම සහාය නොදෙන බවත් ඔහු රජයේ උතුරු මැද නායකයා ලෙස නොපිළිගන්නා බවත් අනුරාධපුර දිස්ත්‍රකික් පලාත් පාලන නියෝජිත සම්මේලනයේ සභාපති හා මිහින්තලේ ප්‍රාදේශීය සභ මන්ත්‍රී අනුර ජේ. මැන්ඩිස් මහතා අනුරාධපුර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිවේය. ‘ අපි බර්ටිගෙ මිනිස්සු‘ අපේ නායකයා හිටපු මහා ඇමැති බර්ටි ප්‍රෙමලාල් දිසානායක. ඔහුගේ නායකත්වය පමණයි පිළිගන්නේ. නව මහා ඇමැති සමග කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ.  ඔහු පළාත් සභා පනත අනුව ගන්නා තීරණවලට පමණක් සහාය දෙනවා.‘ යැයි ද ඔහු කීවේය. දිසානායක මහතාට මහ ඇමැතිකම නොදුන හොත් ඉල්ලා අස්වන බවට ඔහුට දුන් දිවුරුම් පෙත්සම් ඔහුගේ ඉල්ලීම අනුව ඉල්ලා අස්කරගත් බවත් මැන්ඩිස් මහතා කීවේය. ප්‍රාදේශීය සභාපතිවරුන් පස් දෙනකු ඇතුළු සියයකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහාභාගී වුහ.