අාපදා කළමනාකරණ පත්වීම් දීමේ උත්සවය අත්හිටුවයි


(විනීතා එම් ගමගේ)

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අද (5) පැවැති  කළමනාකරණ සහකාර පත්වීම් ලබා දීමේ උත්සවයක් ආපදා කළමනාකරණ  නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ්  ගන්කන්ද මහතාගේ නියෝග මත අත්හිටුවා එම පත්වීම් පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කොට ඇතැයි ආපදා කළමණාකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

එම පත්වීම් ලබාදීමේ දි අමාත්‍යංශ නිලධාරින්  හිතුවක්කාර අන්දමින් ක්‍රියා කොට ඇති බවත් විනිවිදභාවයෙන් තොරව කටයුතු කර ඇත් බවත් පවසමින් විරෝධය පලකර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම පියවර ගෙන තිබේ.

අමාත්‍යංශයේ හා අනුබද්ධ ආයතනවල ඇති පුරප්පාඩු 30ක් පිරවීම  සඳහා අයදුම්පත් කැඳවා තිබු අතර ඒ සදහා අයදුම්පත් 12000 කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි.
මේ අතරින් 6000ක් දෙනා සම්මුඛ පරික්ෂණ වලට කැඳවුණු අතර තෝරා ගත් 42 ට එහි දි පත්වීම් පිරිනැමීමට නියමිතව තිබිණි.