අළුත්ගමට පැරීසියෙත් විරෝධයක්


අලුත්ගම හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනිදා ඇති වු ජනවාර්ගික ගැටුම්වලට එරෙහිව එරෙහිව ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව පැරීසියේ අයිෆල් කුළුන අසල විරෝධතාවයක් පැවැත් වුහ.

 සියලූම ජාතීන් සාමයෙන් ජීවත්වූ රටක මෙම මැර ක‍්‍රියාවන් කරන පිරිස් නීතියේ ඉදිරියට කැඳවන මෙන් බලධාරීන් ගෙන් ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ සංවිධායකයෝ කීහ.

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ උද්ඝෝෂණයට එක් වුහ.