අසැබි දර්ශන පෙන්නුවැයි ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට


(විනීතා එම්  ගමගේ)

පහළොස් හැවිරිදි දරුවකුට අසභ්‍ය දර්ශන පෙන්වමින් ලිංගික කටයුත්තක් සඳහා පොළඹවා ගැනීමට තැත්කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

මෙකී ගුරුවරයා විසින් දිගින් දිගටම  සිදුකරන හිංසන  පිළිබඳව අදාළ පාසැල් සිසුවා විසින් පවුලේ මනෝ චිකිත්සකවරිය දැනුවත් කිරීමෙන් පසු ඇගේ මඟ පෙන්වීම මත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අලූත් කඩේ අධිකරණයේ නියෝග මත විමර්ශන අවසන් වන තුරු සැකකරු රිමාන්ඩ් කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී මරිනි ද ලිවේරා මහත්මිය ගේ උපදෙස් මත වැඩි දුර විමර්ශන සිදුකෙරේ.