අසාද් සාලි කෝටි අටක් ප්‍රියමාලිට දීලා


(ඉන්දිකා රාමනායක)

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණ ප්‍රියමාලිට  රුපියල් කෝටි 8 1/2 ලබා දුන් බව  හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

ආසාද් සාලි මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ලියකියවිලි රැසක් සමග පැමිණිල්ල ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම පැමිණිල්ලත් සමග මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණි 11 ක් ඇයට විරුද්ධව මේ දක්වා ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ කාර්යාල පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයන් ඇතුලු ධන කුවේරයන්ගේ රුපියල් කෝටි ගණින් මුදල් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.