අස් කළ පස් දෙනා මැද මුලනට නෑගම් යති


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒමට  සන්දානයේ විමල් වීරවංශ මහතා ඇතුලු පක්ෂ කිහිපයක් එක්ව පැවැත් වු රත්නපුරයේ රැළියට අනවසරයෙන් ගිය බව කියන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පස් දෙනා හෙට බ්‍රහස්පතින්දා මැද මුලණට නෑගම් යන බව ශ්‍රීලනිප මන්ත්‍රී  කුමාර වෙල්ගම මහතා කියයි.

බන්දුල ගුණවර්ධන, ටී.බී ඒකනායක, රෝහිත අභයගුණවර්ධන,  සාලින්ද දිසානායක සහ එස්.එම් චන්ද්‍රසේන යන පස් දෙනා පක්ෂයෙන් ඉවත් කළ බව දන්වමින් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ලියුම් යැවීය.

ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ විනය ක්‍රියා මාර්ග ගැනීමේදී කරුණු විමසා පරිකෂණයක් පැවැත්විය යුතු බවයි.

මැදමුලණේදී හිටපු ජනපති හමු වී මේ ගැන කියන බව දැනගන්නට ඇත.