අවුරුදු දහයකින් අහස කෙටිවේ


මගීන් තුන්සියයක් රැගෙන පැයට කිලෝ මීටර් 6437ක වේගයකින් පියාසර කළ හැකි ගුවන් යානයක් නිපදවීමට එංගලන්තයේ ඔක්ස්ෆ්ඩ් සරසවියට අනුබද්ධ රිඇක්ෂන් ඉන්ජිනේරු ආයතනය සැලසුම් කර ඇත. ලැප්කැට් නම් මෙම යානාව දිගින් මීටර් 139ක් ඇන්ජින් හතරක බලයකින් ඉහළට ඔසවන මෙම යානයට මීටර් 35000ක් ඉහළ අහසේ පියාසර කළ හැකිය. ඉදිරි වසර දහය ඇතුළත හඳුන්වා දීමට නියමිත මෙම යානයක මිල බ්‍රිතාන්‍ය පවුම් කෝටි 25ක් හෙවත් රුපියල් කෝටි 5525 කි.