(සුජිත් හේවාජුලිගේ)
‘‘අද සමහරුන්ට බොහොම ඉක්මනට බලයට එන්න වුවමනා වෙලා තිබෙන බව පේනවා. ඔය ඕනෑම කෙනෙකුට අවුරුදු තුනකින් පස්සෙ එන මැතිවරණයකින් බලයට එන්න පුළුවන්. ඉන් මෙහා අලූත් ආණ්ඩු හදන ක‍්‍රමයක් අපේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැතැයි’’ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) පැවැසීය.
ජනාධිපතිවරයා එසේ පැවැසුවේ වරාය නැගෙනහිර පර්යන්ත පරිශ‍්‍රයේදී ඊයේ (1) සවස පැවැති වරාය අධිකාරියේ 38 වැනි සංවත්සර උත්සවයේදීය. සම්ප‍්‍රදායට පටහැනි කටයුත්තක් නිසාත් රනිල් වික‍්‍රමසිංහ මහතා සිය දේශපාලන දිවියේදී කරන ලද දේවලින් සාතිශය බහුතරයක් රටට සුබදායී දේවල් නොවන නිසාත් ඔහුට සුබ පැතුම් පිරිනැමීමට හැකියාවක් නොමැති බව මේ රැුස්වීමේදී තීරණය කෙරුණේ යැයිද ගම්මන්පිල මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ දේශපාලන දිවියට සුබපැතුම් පිරිනැමීමක් අප රටේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ නැතැයි කී ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට අයත් වන්නේ මන්ත‍්‍රීවරයකු මිය ගිය පසුව ඔහුට ශෝකය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒම පමණක් යැයිද සඳහන් කළේය.
මේ ආකාරයට සුබපැතීමේ රැස්වීම් පැවැත්වුවහොත් ඉන් වැරදි පූර්වාදර්ශයක් ඇතිවන බවත් දේශපාලන දිවියේ අවුරුදු තිහ, හතළිහ පසු කරන සෙසු මන්ත‍්‍රීවරුන්ටත් ඉදිරියේදී එවැනි රැුස්වීම් පැවැත්වීමට සිදුවිය හැකි බවත් ඔහු කීය.
මෙම රැස්වීමට සහභාගි වන්නේදැයි අප ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ඊයේ රාතී‍්‍ර කළ විමසීමකදී ඔහු පැවසුවේ තම මන්තී‍්‍ර කණ්ඩායමද එම රැස්වීමට සහභාගි නොවන බවයි.

