අවුරුද්දට ගෙනා හාන්ස් පොලිස් දැලේ


අවුරුදු සමයේ අළෙවි කිරීමට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ගෙන ආ හාන්ස් මත් කුඩු පැකට් 600 ක්  සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී  පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 128 දරණ ගුවන් යානයෙන් පැමිණ ඇති බව කියන සැකකරු පිළිබඳ ඇති වු සැකයක් මත පොලිස් මත් ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඔහුගේ ගමන්  මල්ල පරික්ෂා කරද්දී එහි තිබී මෙම මත්කුඩු පැකට් සොයාගෙන ඇත.

අත් අඩංගුවට ගනු ලැබු මත් කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් අටකි.

සැකකරුගේ ගමන් මල්ලේ රෙදි අතර ඉතා සුක්ෂම ලෙස මේවා සඟවා තිබූ බව පොලීසිය කියයි.

 

 

සැකකරු