අවිය ඔළුවට තියා කොකා ගස්සයි


ටී 56 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් අවියක් පරීක්ෂා කිරීම සඳහා එය තම හිසට එල්ල කර කොකා ගැස්සූ කෑඝල්ලේ හෝටල් සේවකයකු වෙඩි වැදී බරපතල තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළු කළ බව කෑගල්ල පොලීසිය කියයි. මුලින්ම අවිය උඩට ඔසවා කිහිපවරක් කොකා ගස්සා ඇතත් පත්තුවී නැත. පොලිස් බල්ලන්ගේ ඉව ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීෂිය අත් බෝම්බ  දෙක්ක ද උණ්ඩ කිහිපයක් ද සොයා ගත්තේය.