අවි අපනයන මහ රටවල් දූෂණයේ දොර ඇරලා


යුද අවි ආනයනය අතින් අඩුම වගවීමක් ඇති රටවල් 14 අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය කියයි.

රජයේ ආරක්ෂක හා දූෂණ මර්දන දර්ශකය පිළිබඳව පැවැත්වූ සෝදිසියට රටවල් 82ක් අයත් විය.

රටවල් 14ක් එම දර්ශකයේ පහළම මට්ටම ලබා සිටියි.

නයිජීරියාව, ඇන්ගෝලාව, කැමරුන්, කොංගෝ, ඊජිප්තුව, අයිවරි, එරිත්‍රියා, ඉරානය, ලිබියාව, කටාර්, ශ්‍රී ලංකා, සෞදි අරාබියා සිරියාව හා යේමනය ඒ අතර වේ.

ඕස්ට්‍රේලියාව, ජර්මනිය, නෝර්වේ හා මහා බ්‍රිතාන්‍ය එම දර්ශකයේ මුල්තැන් හිමිකරගෙන සිටී.

එම රටවල දූෂණ මට්ටම ඉතාම අවම තත්ත්වයක පවතින බවත් එම ආයතනය කියයි.

2012 දී විශාල වශයෙන් අවි ආනයනය කළ රටවලින් සියයට හැත්තෑවක්ම දූෂණය සඳහා දොර ඇර තිබූ බව ද ආරක්ෂක අංශයේ ජගත් මට්ටමින් දූෂණය වසරකට ඇමෙරිකා ඩොලර් කෝටි 2000 ක් හෙවත් රුපියල් 266000ක් බව ලෝක බැංකු හා ස්ටොක් හෝම් ජගත් සාම පර්යේෂණ ආයතනයේ දත්ත උපුටා දක්වමින් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් අධ්‍යයනය පවසයි.