(රොමේෂ් මධුෂංඛ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සිට)
අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ 09 වන වසර සමරා අද (18) මුලිත්ව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක් පැවත්වුණි.
මීට වසර 09 කට පෙර පැවති යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදී උතුරු මහ ඇමති හා අවසන් යුද්දයේදී සිය මව,පියා,සහ සහෝදරයින් තිදෙනෙකු අහිමි වූ දැරියක් විසින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන පහන දැල්වීමට පියවර ගත්තේය.
පසුගිය වසරේදී (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් සිදු වූ නිසාවෙනි, ඊට හැරෙන්නට වෙනත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ප්‍රධානත්වය දරන්නට අවස්ථාවක් නොදී සිටියහ.
පෙර පැවති යුද සැමරුම් උත්සවයන්ට වඩා මෙවර වෙනස් වූවේ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේදී පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් මුල්ලි වයික්කාල් සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පෑමත් සමඟ ඇති විය හැකි විරෝධතාවන් හේතුවෙන් දේශපාලන අධිකාරිය මෙම සැමරුමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට මුල්ලි වයික්කාල් වැසියන් කියා සිටියහ.
මෙහිදී උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා කර භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම කළේය.
උත්සව අවස්ථාවට සහභාගී වූ උතුරු මහඇමති විසින් රැස්ව සිටි පිරිස් ඇමතු අතර උතුරු මහඇමති විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.