අවසන් සටනේදි ඇස් අහිමි සෙබලා ජීවිත සටන අරඹයි


 

2009 මැයි මාසයේ  පුදුමාතලන් හි  අවසන් සටන්  මෙහෙයුමේදි සතුරු ප්‍රහාරයෙන් දැස් අහිමි වු යුද හමුදා ලාන්ස් කෝප්‍රල් උපුල් ඉන්ද්‍රජිත් ,  තිළිණි ප්‍රියදර්ශනී මෙනවිය සමඟ  අද ජීවින සටන ඇරඹිය

 කෑගල්ලේ කිතුල්ගල උපන් ඉන්ද්‍රජිත්  බුත්තල ගෝණගංආර  උපන් ප්‍රියදර්ශනී සමඟ මෙසේ යුග දිවියට එළඹියේ ගම්පහ පභාවි උත්සව ශාලාවේදීය

විවාහ මංගල්‍ය චාරිත්‍රානුකුලව සිදු කළ මෙහිදි මනාලයා මුතු කුඩ ඔසවා පලස් එළා පිළිගෙන කැඳවා ආ අතර මනාලිය දෝළාවක හිඳුවා  කැඳවාගෙන එනු ලැබුවාය

රාගම රණවිරු  සෙවණේ ප්‍රජා පුනරුත්ථාපන  අංශයෙන්     සංවිධානය  කළ මෙම උත්සවයේ බරපැන  ගම්පහ සියනැවේ අපි සංසදයෙනි

ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර