අවසන් මහා තරගයේ ප‍්‍රවේශපත‍්‍ර විකිණී අවසන්ද ?


ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර හෙට (7 වැනිදා) පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගයේ ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට මිලදී ගැනීමට නොමැති බව අන්තර් ජාතික ක‍්‍රිකට් කමිටුවේ ප‍්‍රකාශකයකු පවසයි. අන්තර් ජාතික ක‍්‍රිකට් කමිටුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශ ප‍්‍රධානී කොලින් ගිබ්සන් මහතාගෙන් කළ විමසීමකදී ගිබ්සන් මහතා පැවසූයේ සෙනසුරාදා දිනයේදී ප‍්‍රවේශපත් අළෙවි නොකෙරෙන බවයි. කෙසේ වෙතත් අවසන් මහ තරගයේ සියලූම ප‍්‍රවේශපත් විකිණී අවසන්ද නැද්ද යන්න පිළිබඳව විස්සයි 20 ලෝක කුසලාන කාර්යාලය විසින් මෙතෙක් තහවුරු කරනු ලැබ නැත.