සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වන විට පැවැති එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අනුව ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලිය අවසන් කළේ තවත් ප‍්‍රසාද ලකුණක් අහිමි කරගනිමිනි. ඊට හේතුව වූයේ අවසන් තරගයේදී ඉන්දීය පිල හමුවේ ලද පරාජයයි.
අවසන් තරගයට පෙර දිනයේ ප‍්‍රසාද ලකුණු 108 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිලට බ‍්‍රහස්පතින්දා පැවැති අවසන් තරගයේ අවසන් ඕවරයේදී ලකුණු 15 ක් නොදී රැකගත හැකිවූයේ නම් සෙල්කොන් කුසලානය කිහිළි ගන්නාගෙන සියරට පැමිණීමේ අවස්ථාව පමණක් නොව, එක්දින ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේදී ප‍්‍රසාද ලකුණු 109 ක් ලබාගනිමින් දකුණු අපි‍්‍රකානු පිලට වඩාත් ආසන්න වීමේ අවස්ථාවක්ද තිබිණ.
එසේ වූයේ නම් ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී දකුණු අපි‍්‍රකානුවන් මෙල්ල කිරීම මත එක්දින ශ්‍රේණිගත කිරීමේ තවත් පඩියක් ඉහළ නැගීමේ අවස්ථාවද ඇන්ජලෝ මැතිව්ස් සහ පිරිවර සතුව තිබිණ.
ඒ බලාපොරොත්තු සියල්ලම එක ඕවරයකදී ගිළිහී ගියේ ශමින්ද එරංගගේ පන්දු 3 කින් ලකුණු 16 ක් ලබාගැනීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් වීම නිසාය.
සෙල්කොන් කුසලාන තුන්කොන් තරගාවලිය ආරම්භ වූ ජූනි 28 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු වෙනස් වීම..
(සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න)