අලුත්නුවර පෙරහැර මේ වසරේ නෑ


( ප‍්‍රදීප් කුමාර ධර්මරත්න සහ බණ්ඩාර ජයරත්න )                           

මාවනැල්ල අලූත්නුවර ඓතිහාසික ශ‍්‍රි දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මෙවර නොපැවැත්වෙන බව එහි තේවාව භාර ධම්සිරි බණ්ඩාර කරුණාරත්න  මහතා අද (12 ) පැවසීය.

එම දේවාලය අසල කිර්ති ශ‍්‍රි රජමහා විහාරස්ථානයේ වැඩ විසු හසලක පඤ්ඥානන්ද හිමියන්ගෙ හදිසි අපවත්විම නිසා මෙම තීරණය ගත් බව ඒ මහතා කීවේය.
ලබන 20 වැනිදා තෙක් කෙම්මුර දින තුනක් දේවාලය වසා තැබෙන බවත් හෙතෙම පැවසීය.