( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කෘත්‍රිම රා ජාවාරම පිළිබඳව තොරතුරු හෙළි කළ අලුත්ගම ලංකාදීප මාධ්‍ය තුසිත කුමාර ද සිල්වා මහතාට සහ ඔහුගේ බිරිඳට පහර දී නිවසට අලාභ හානි කළ පුද්ගලයින් පස් දෙනා ප්‍රදේශ හතරක සැඟව සිටියදී අද (10)අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ අංශය කියයි.
බෙලිඅත්ත, නෑබොඩ, නාරාහේපිට සහ මොරටුව යන ප්‍රදේශයන්හි සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහර දීම හේතුවෙන් මාධ්‍යවේදී තුසිත කුමාරද සිල්වා මහතා හා බිරිඳ අලුත්ගම රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර තුසිත මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළු කර තිබිණි.
ඉකුත් 06 වැනිදා සවස තුසිත මහතා ඔහුගේ බිරිද සමඟ යතුරු පැදියකින් යමින් සිටියදී අලුත්ගම දර්ගා නගරයේ වැල්පිටිය-පිංහේන නිවස වෙත පැමිණෙමින් සිටියදී නිවස ඉදිරිපිටදී මෙම පහර දීමට ලක්විය.

