ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සොයා මුලතිව් නෙදුන්කර්නි මහ කැළයේ මෙහෙයුමක් පැවැති බව උතුරේ ආරංචි කියයි.
මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි.
ඒ පිරිස අතර ගෝබි සිටීදැයි සොයා ගැනීමට ආරක්ෂක අංශ වෙහෙසෙයි.
මිය ගිය එක් පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බවත් ඔහුගේ සිරුර පදවිය රෝහලේ තබා ඇති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැන ගැනීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කිරීමට නොහැකි බව ප්‍රකාශකයෙක් කීවේය.
සබැඳි පුවත්
ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්

