(රංජන් කස්තුරි )
නව දේශපාලන පක්ෂ 6 ක් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව එක්සත් ජාතික නිදහස් පෙරමුණ, එක්සත් වාමාංශික පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ජාතික සමගි පෙරමුණ, යහපාලනය සඳහා වු ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය එම දේශපාලන පක්ෂ හය වන අතර ඒවාට මැතිවරණ කොමිසමේ ලියාපදිංචි හිමි වී තිබේ.
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයා මෛත්‍රී ගුණරත්න මහතා වන අතර පක්ෂයේ ලකුණ ‘කෙසෙල් ඇවරිය’ වේ.
එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම්වරයා ලාල් විජේනායක මහතා වන අතර ‘ඔරුව’ එම පක්ෂයේ ලකුණ ලෙස නම්කර තිබේ.
කම්කරු ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරයා එම්.තිලකරාජා මහතා වන අතර ‘දෑකැත්ත’ එම පක්ෂයේ ලකුණ වේ.
ජාතික සමගි පෙරමුණේ ලේකම්වරයා වන්නේ එම්.අසාත් සාලි මහතා වන අතර එම පක්ෂයේ ලකුණ ලෙස ‘කණ්නාඩි කුට්ටම’ ලෙස නම් කර තිබේ.
යහපාලනය සඳහා වු ජාතික පෙරමුණ පක්ෂයේ ලේකම්වරයා එම්.ආර්.මොහොමඩ් නජා මහතා වන අතර ‘කොඩි යුගල’ පක්ෂයේ ලකුණ වේ.
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ ලේකම්වරයා මහින්ද දේවගේ මහතා වන අතර ‘බැලුනය’ එම පක්ෂයේ ලකුණ වේ.

