රාත්‍රියේ ආහාර සොයා යමින් සිටි දිවි දෙනක පදවිය අභය භූමියේදී වල් අලි පහර දී මිය යන්නට ඇතැයි පදවිය අඩවි වනජීවී කාර්යාලයය කියයි.
දිවි දෙනගේ වයස අවුරුදු පහක් පමණ වන බවත් දිවියා වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති බවත් කියති.
ස්වාභාවික නොවන හේතු මත වසරකට දිවියන් 20 ක් පමණ මිය යන බව අඩවි වනජීවී ආරක්ෂක ඩබ්ලිව් ජේ කේ හේරත් මහතා කියයි