අලියා ගොඩ ගන්න යකඩ අලියෙක්


මොරගොල්ලාගම ,පොතාන ප‍්‍රදේශයේ අනාරක්ෂිත පාළු ළිඳකට වැටුණු වල් අලියකු ගොඩ ගැනීමට  හේරත්ගම වන ජීවී නිළධාරීන් සැරැසෙයි.

අඩි 09 ක් පමණ උසැති මෙම අලියා අක‍්‍රිය වී ඇති විදුලිවැට සීමාව අසලින් ගම් වැදීමට පැමිණෙන අවස්ථාවේ දී ඊයේ (28) රාත‍්‍රියේ දී අඩි 15 ක් පමණ ගැඹුරැති මෙම පාළු ළිඳට වැටී ඇත.

බැකෝවකින්  ළිඳ කපා  අලියාට ගොඩට ගැනීමට පියවර ගැනීමට නියමිතය.