(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
නීතිවිරෝධී අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගත් බවට අධි චෝදනා ලැබ සිටින අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (12) ආරම්භ කෙරුණි.
විකුම් කළුආරච්චි (සභාපති විනිසුරු) , ධම්මික ගනේපොළ , හා ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැණුනි.
පැමිණිල්ල වෙනුවෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) චන්දන සූරියබණ්ඩාර මහතා සාක්කි ලබා දීම දිනයේ සිදු කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) චන්දන සූරියබණ්ඩාර මහතා සාක්කි ලබා දුනි.
2009 නොවැම්බර් 24 හා 2015 අගෝස්තු 31 දක්වා අතර කාලයේදී නීතිවිරෝධි අන්දමින් අලි ඇතුන් පස් දෙනෙකු නීතිවිරෝධී ලෙස තබා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ ප‍්‍රකට අලි ජාවාරම්කරුවෙකු වන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නැමැත්තා ඇතුළු අට දෙනෙකු එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබීය.
නඩුවේ වැඩිදුර සාක්කි විභාගය ලබන 16 වැනිදාට කල් තැබිණි.

