(ඉන්දිකා රාමනායක)
බලපත‍්‍ර නොමැතිව වව්නියාව ප‍්‍රදේශයේ පවත්වාගෙන යන දැව වෙළෙ සැලක් පරික්ෂා නොකර එහි අඩුපාඩු සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකිරීමට වෙළෙද සැල් හිමියකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් වව්නියාව බීට්ටු වන නිලධාරියකු අද (23) අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන ඒකකය සඳහන් කරයි.
සැකකරු මාස්පතා මෙම මුදල ඉල්ලා ඇති බවත් මෙම අගෝස්තු මස සඳහා ගෙවිය යුතු මුදල අද පෙරවරුවේ ලබාගත් අවස්ථාවේ අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇත්තේ වෙළෙද සැලේ ව්‍යාපාරිකයා බවද පැවසේ.
සැකකරු වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

