(දිනේෂ් උපේන්ද්‍ර)
රෝගීන්ගේ පරීක්ෂාවන් සිදුකරන පෞද්ගලික රසායනාගාරවලට රෝගීන් යැවීමට විශාල මුදල් අල්ලස් ලෙස ලබාගත් බව කියන කුලියාපිටිය රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක රසායනාගාර තාක්ෂණ නිලධාරිවරයා ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.
එසේ රිමාන්ඩ් කෙරුණේ කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය චන්ද්‍රසිරි තෙන්නකෝන්වලගේ සහ පෞද්ගලික රෝහලේ ජෝන් මරියදාසන් නිරෝෂන් නමැති දෙදෙනාය.
ලබන 10 වැනිදා ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

