(නිමන්ති රණසිංහ)
පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක පරික්ෂණ වාර්තා ප්‍රතික්ෂේප නොකිරිම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 75000ක් ලබාගත් බව කියන කුලියාපිටිය මුලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරයා සහ පෞද්ගලික රෝහලක විකිරණ ශිල්පියෙකු ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් ගත කළේ නුගේගොඩ පදිංචි කායික විශේෂඥ වෛද්‍ය රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි තෙන්නකොන් හා වවුනියාවේ පදිංචි ජේ.එම්.නිරෝෂන් නිකලස් යන අය වේ.

