අලස්ගේ පෙත්සම 27 විභාගයට


තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරෙයි.

ඒ අනුව පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

නීතිමය පදනමක් නොමැතිව තමාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එය වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, පොලිස් ස්ථානාධිපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නීතිපති නම් කර ඇත.