අරුම පුදුම ඡායාරූප


කැමරාවකින්  ලබාගන්නා ඡයාරූපයක් සංස්කරණය කිරීම ඡයාරූප කලාව තුළ තිබෙන ප්‍රධාන සිද්ධාන්තයක්. එම නිසා ඡයාරූප ශිල්පය ප්‍රගුණ කරන බොහෝ දෙනා ඡයාරූප සංස්කරණයට ද දක්වන්නේ දැඩි උනන්දුවක්.

ඡයාරූප සංස්කරණය සඳහා භාවිතා කරන මෘදුකාංග අතරින් " ෆොටෝ ෂොප් " යනු බොහෝ දෙනා දන්නා , ඡයාරූප සංස්කරණයේදී සුලබව යොදා ගැනෙන මෘදුකාංගයක්.

මෙම මෘදුකාංගය තුළින් ජායාරුපයක පවතින ස්වභාවය සම්පුර්ණයෙන් වෙනස් කිරීමට මෙන්ම එයට යම් අලුත් දෙයක් එක් කිරීමේ හැකියාවද පවතී.

එම නිසා බොහෝ සමාජ වෙබ් අඩවි මේ තුලින් බොහෝ දෙනා මවිතයට පත්වන දේ නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හරිනු  ඔබද දැක ඇතුවාට කිසිම සැකයක් නැත.

ඇතැම් අවස්ථා වලදී එසේ සංස්කරණය කල ඡයාරූප හදුනා ගත නොහැකි ලෙස කතා බහට ලක්වී මහත් ආන්දෝලනයන්ට ලක්වූ අවස්ථාද නැතුවාම නොවේ.

එසේ බැලු බැල්මට සංස්කරණය කලා යැයි පෙනෙන නමුත් සංස්කරණය නොකරන ලද බොහෝදෙනාගේ කතාබහට ලක්වූ අපුරු ජායාරූප එකතුවක් මෙම වීඩියෝව තුල අන්තර්ගතයි.

(ඉතාලියේ මිලානෝ නුවර හර්ෂණ කාරියවසම් සහ බෘනෝ දිවාකරගේ නිර්මාණයකි)