(නිමල කොඩිතුවක්කු)
වර්තමාන රජය සෑම ක්ෂේත්‍රයකින්ම ජනතාව රවටා ඇති බවත් එසේ රැවටීමෙන් වර්තමානයේ රට දැවැන්ත අර්බුධයකට මුහුණ පා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(7) පැවසීය.
විපක්ෂයක් ලෙස තමන් ඇතුලු පිරිස කිසිදා ජනතාව රවටා නැති අතර ‘හුස්ම‘ වැඩසටහන යටතේ විපක්ෂයේ සිට පවා ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කර ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගය කියන දේ කරන සමාජ ප්‍රජාතනත්‍රවාදී වැඩපිළිවෙළක් සහිත පක්ෂයක් බවත් විවිධ පක්ෂ සමග විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
රජය ගොවීන් පවා රැවටූ බවත් මේ වන විට පොහොර හිගය නිසා මාස් කන්නයේ අස්වැන්න සියයට 50කින් අඩු වූ බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ජනසෙත පෙරමුණේ පකෂ නායක බත්තරමුලලේ සීලරතන හිමි ඇතුලු පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.