අර්ථසාධක ආයෝජන පෙත්සම සලකා බැලීම කල්යයි
සේවක අර්ථසාධක අරමුදල් නීති විරෝධි ලෙස කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා යෙදවීම සාපරාධී ක්‍රියාවක් සේ සලසා ඊට එරෙහිව නීතිමය පිවයර ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති 11ක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 11ක් ගොනු කළ එම පෙත්සම අද (15) අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම එදිනට කල් තබන ලදී.

