අරණායක ප්‍රා සභාපති රිමාන්ඩ්


මාවනැල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරී හෙක්ටර් තිසේරාට පහර දුන් බව කියන අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු සිව් දෙනෙක් ලබන 15 තෙක් මාවනැල්ල මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.

ප්‍රාදේශීය සභා සභාපති දිනේෂ් ගුණරත්න (එජනිස), ඒ මනෝජ් එදිරිසිංහ, උෂාන් ලක්මාල් උස්සාපිටිය, ජේ චන්දික චමල් උභයධීර ඔවුහුය.