(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැරීමට හෙට (9) ආරම්භ වන සාමකාමී අරගලයට සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය පළ කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
සාමකාමී අරගලකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු පාර්ශවකරුවන් එක්ව මෙම සටන ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය සියලුම දේශපාලන පක්ෂ වෘත්තිය සමිති බහුජන සංවිධාන මෙම සටනට සහයෝගය ලබාදෙන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට විනාශ කළ මෙම අමනෝඥ පාලනය ගෙදර යැවීමට පාට පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාට ආරාධනා කර සිටින බවත් මහ ලේකම්වරයා එහිදී කීවේය.
ජනතාව එළියට බහින්නේ රට බේරා ගැනීමට බැවින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්නැයි සියලුම ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරන බවත් මහ ලේකම්වරයා එහිදී තවදුරටත් තවදුරටත් පැවසීය.