අරගලකරුවෝ රූපවාහිනියටත් යති


(ඩයනා උදයංගනී සහ යොහාන්)

ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.

අරගලයේ නිරත පිරිස්  ජාතික රූපවාහිනී සංස්ථාව වටා එක්රැස්ව විරෝධතාවක නියැලෙමින් සිටින අතර එම විරෝධතා හමුවේ එහි විකාශන කටයුතු ද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

ඔවුන් රූපවාහිනී සංස්ථාවේ සජීවී වැඩසටහනකට සම්බන්ධ වන්නට ද අවස්ථාව ඉල්ලා ඇති අතර, ඒ අනුව සංස්ථා බලධාරීන් අරගලකරුවන් දෙදෙනකුට එම අවස්ථාව ලබා දී ඇතැයි ද පැවසේ 

‍මේ වන විට රූපවාහිනී සංස්ථාවේ ආරක්ෂාව ද තර කර ඇත.