(ඉන්දිකා රාමනායක)
චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත.
ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති මන්දිරයට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
(තිලකරත්න දිසානායක)
අරගලකරුවෝ ජනපති මැදුරේ ප්‍රධාන දොරටුව අසල
2022 ජුලි 09 වන සෙන
ප.ව. 12:46
(ඉන්දිකා රාමනායක)
කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත ළඟා වූහ.
ඔවුන් එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරතව සිටියහ.
අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.