මරදාන පොලිසියේ නිල නිවාසයට රාත්‍රියේදී යමින් සිටි පොලිස් පරීක්ෂකයකු පොලිසියේ ප්‍රධාන දොරටුවේ මුරට සිටි කොස්තාපල් සමග ඇති වු බව කියන බහින්බස් වීමකින් පසුව දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ එකම වාට්ටුවට ඇතුළු වී සිටිති. කොස්තාපල්ට පහර දුන්නැයි පොලිස් පරීක්ෂක අත් අඩංගුවට ගත් බවත් කොස්තාපල් ඔහුට පහර දුන්නැයි කියන පැමිණිල්ලක් මත ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලට යැවු බවත් පොලිසිය කියයි.