අයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙති


(නිමල කොඩිතුවක්කු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම උදෙසා වූ සාකච්ඡා වටයේ සාකච්ඡාවක් වශයෙන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණ.

එහිදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ගත් බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

එම හමුව සදහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම්,රවුෆ් හකීම්, නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.