අයවැය කතාව කරන්න ජනපති පාර්ලිමේන්තුවට පැමිණේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඉදිරි වසර හතරක් සඳහා වන අතුරු අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය කථාව මෙයයි.