අය වැය ඡන්දෙට මෛත්‍රී නෑ


අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී නොවන බව පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සෞඛ්‍ය ඇමැති හා විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර දී පැවසීය.

මුලින්ම දළදා මාළිගාවට ගොස් උදේ 9.30 පූජාවට සහභාගී වී දළදා සමිඳුන් වැඳ පුදා ගත් සිරිසේන මහතා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමියන් බැහැ දුටුවේය.

අනතුරුව මල්වතු පාර්ශ්වයට ගොස් නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැ දුටුවේය.

තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියෝ මේ දිනවල එතෙර වැඩ සිටිති.

සිරිසේන මහතා මාධ්‍ය සමඟ පැවසුවේ අද සවස අනුරාධපුර ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමට යන නිසා අයවැය ඡන්දයට පැමිණීමට නොහැකි වන බවයි.

ප්‍රශ්නය - කෝ ඔබ සමඟ එනවයි කියූ අනෙක් මැති ඇමැතිවරුන්?

උත්තරය - කලබල වෙන්න එපා. වෙලාවට ඒවා බලාගන්න පුළුවන් වේවි.

කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, ඇම් කේ ද ඇස් ගුණවර්ධන යන මන්ත්‍රීවරු ද, ලකී ජයවර්ධන හිටපු මන්ත්‍රී ද, හිටපු දියවඩන නිලමේ නිරන්ජන් විජේරන් මහතා ද පැමිණ සිටි අය අතර වූහ.

IMG_2606 IMG_2610 IMG_2619

-------------------mathriipaala-mahanuwara-24-11-2014-3 -------------------mathriipaala-mahanuwara-24-11-2014-9

01 02 03 04 05

ඡායාරූප- ගාමිණි රණසිංහ