අඹේපුස්සේ තෙල් කෝචිචියක් කැඩීමෙන් කෝච්චි පෝලිමක්


පුෂ්පකුමාර මල්ලවාරච්චි
ඉන්ධන ප්‍රවාහන දුම්රියක් අද(16)  සවස අඹේපුස්ස ප්‍රදේශයේදී හදිසි ආපදාවකට ලක්වීමෙන් දුම්රිය මාර්ගයේ ඇති වූ පොයින්ට් දෝෂ සහගත තත්ත්වයක් නිසා දුම්රිය ගමනා ගමනය පැය දෙකක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග  කියයි.  මේහේතුවෙන් කොළඹ දෙසට සහ පොල්ගහවෙල  දෙසට ධාවනය කිරිමට නියමිතව තිබූ දුම්රිය රැසක් පැය කීපයක් නවතා තැබිම නිසා දුම්රිය මගීන් අතර ද දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත් රාත්‍රී 730 පමණ වන විට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කළ බව දුම්රිය දෙපර්තමේන්තු ආරංචි කියයි.