
(ලක්මි කුඩලගම)
බුලත්සිංහල, ඈගල්ල ඔය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ සිරුරු හමු වු බව බුලත්සිංහල පොලිසිය කියයි.
කුලී පදනමත ජීවත් වූ විජිතසිරි දසනායක නමැති 62 හැවිරිදි අයකු සහ ඔහුගේ දෙවන බිරිඳ බව කියන වේරගොඩ විදානලාගේ පුෂ්පා ෂිරෝමනි නැමැති 55 හැවිලි කාන්තාවක් බවද තහවුරු වී ඇති අතර බිරිඳගේ සිරුරේ ලේ පැල්ලමක්ද තිබෙන අතර සිරුර රෙද්දකින් වසා තිබෙන බවද පොලිසිය පවසයි.
මෙම නිවස දින කිහිපයක සිට වසා දමා තිබී ඇති අතර මෙම මරණ මීට දින කීපයකට පෙර සිදුවී ඇති බවට ද පොලිසි සැක කරයි .

