මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශ හතරකට එරෙහිව නීතිමය පියවර ගන්නැයි මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
හෙට්ටිආරච්චි මහතා පැවසුවේ රාජ්‍ය ආයතනවලට කරන ලද පත් කිරීම් සහ ඉඩම් බෙදාදීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයට මේ වන විට පැමිණිලි 18ක් ලැබී ඇති බවයි.
මෙසේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, (සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශය), ග්‍රාම නිලධාරී කාර්යාල(නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය), මහවැලි අධිකාරිය(මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය) සහ මධ්‍යම සංස්කෘතික අරමුදල (සංස්කෘතික කටයුතු අමාත්‍යංශය) යන අමාත්‍යංශවලටය.
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් 18 වැනිදා පටන් මැතිවරණ නීති බලපැවැත්වෙයි. මැතිවරණ නීතිවලට අනුව අත්‍යවශ්‍ය කරුණක් මත නොවන්නේ නම් පත්වීම් ලබාදීම වැරදි වන අතර එය මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් ලෙස සලකනු ලබයි.
මේ කරුණ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට යවන ලද ලිපි දෙකකට මේ වනතුරු සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවද හෙට්ටිආරච්චි මහතා කියයි.
(16844)

