අම්පාර වී ගැනිම නවතී ?


අම්පාර දිස්ත්‍රික්කයේ  වී මිලදී ගැනීමේ කටයුතු  නිසි පරිදි ඉටු නොවෙතියි අම්පාර ගොවීහු  වී අලෙවි මණ්ඩලයට චෝදනා කැර සිටිති.

වී මිළට ගැනීම  ආරම්භ කැර තිබුණද හදිසියේම ඊයේ (10)  එය නවතා දැමීම නිසා තමන් දැඩි අපහසුතාවට ලක්ව සිටිතියි ඔවුහු කියති.

මෙසේ වී අලෙවි කැර ගැනීමට පැමිණි ගොවීහු රැසක්   සමන්තුරේ අම්පාර දමන වැනි පෙදෙස්හි වී ගබඩා  අසල තම වී තබාගෙන තබාගෙන සිටිති.

මේ පිළිබඳව වී අලෙවි මණ්ඩලයෙන් වීමසීමේදී  කියා සිටියේ වී මිලදී ගැනීමේදි අම්පාර දිස්ත්‍රික්කයෙන් පමණක්  වී මෙට්‍රික් ටොන්  20000 ගන්නා බවයි.

ඒ සඳහා ගබඩා 22ක් හා ජංගම රථ 25 ක් යොදවා ඇතැයිද පොතුවිල් ලාහුගලින් එය ආරම්භ කැර ඇතැයිද වී අලෙවි මණ්ඩලය කියා සිටී.