අම්පාර පොලිස් ලොක්කා මැසිවිල්ලකුත් සමග ගෙදර යයි


අම්පාර නියෝජ්‍ය පොලිස්පති කීර්ති ද සිල්වා මහතා අද විශ්‍රාම ගත්තේය. ඒ වෙනුවෙන් ආචාර පෙළපපාලියක් ද පැවැත්විණි. තම පෞද්ගලික බඩුමුට්ටු ගාල්ලට රැගෙන යාම සඳහා පොලිස් වාහනයක් ඉල්ලා සිටියත් එය නොලැබුණු බව ඔහු කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියනුයේ එලෙස යාමට වාහනයක් ලබා දෙන බවයි. ලී බඩු ආදිය ගෙන යාමට පොලිස් වාහන ලබා නොදෙන බවද හෙතෙම කියයි.