අම්පාර ගොවියෝ ජයගනිති


වී අලෙවි මණ්ඩලය අම්පාර උහන ගොවීන්ගේ වී මිලට ගැනීම නවතා ඇතැයි පවසමින් අම්පාර ගොවීහු අම්පාර මහඔය ප්‍රධාන මාර්ගය අවහිර කරමින්  අද (17) පැයක උද්ඝෝෂණයක් පැවැත් වුහ.

වී පැටවු ට්‍රැක්ටර් අම්පාර මහඔය පාරට ගෙනවිත් උද්ඝෝෂණය කිරීම නිසා මාර්ගයද අවහිර විය.

අම්පාර දිසාපති නිල්ද අල්විස් මහතා  එහි පැමිණ වී මිලදී ගන්නා බව හා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් වෙන් වී ඇති බව පැවසීය.

වී අලෙවි මණ්ඩලයේ ජංගම වී මිලදී ගැනීමේ රථ එහි  යැවීමෙන් පසු උද්ඝෝෂණය නිමාවට පත් විය.